මදක් රැදෙන්න…

මොනවද මේ “ARDUINO” කියන්නේ?

ARDUINO කියන්නේ පහසුවෙන් අපට අවශ්‍යය ආකාරයට වෙනස් කරමින් විවිධ විනෝදාත්මක මෙන්ම ප්‍රයෝජනවත් නිර්මාණයන් සඳහා යොදාගත හැකි දෘඩාංග හා මෘදුකාංග (Hardware / Software ) මුලික කරගනිමින් නිර්මාණය වුනු ඉලෙක්ට්‍රොනික පරිපථයක්. ආලෝකය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පසේ තෙතමනය, වර්ෂාව,සුළඟේ වේගය,වායු ,වැනි තවත් බොහෝ දේ වල දත්තයන් සංරචක (Sensors) යොදාගෙන ආදාන (Analog Inputs) වශයෙන් මෙන්ම, Push Button/Switch මඟින් Digital Inputs දත්තයන් මෙම ඉලෙක්ට්‍රොනික පරිපථයට ලබාදී ඒ අනුව අපට අවශ්‍යය ආකාරයට ප්‍රතිදානයන් ( Outputs) ලබාගන්නටත්, එම Outputs මඟින් motor/lights/fan වගේ බොහෝ දේවල් අපට අවශ්‍යය ආකාරයට අවශ්‍යය වෙලාවට ක්‍රියාත්මක කරවාගන්නටත්  මෙම ඉලෙක්ට්‍රොනික පරිපථය මඟින් හැකියාව ලැබෙනවා.

ඉතින් මේ වන විට අධ්‍යාපනික , විනෝදාංශමය , නව නිර්මාණකරණය වැනි ක්‍රියාකාරකම් වලදී   “ARDUINO”  බහුලව භාවිතයට ගැනෙනවා. මෙන්ම ඇතැම් අවස්ථාවල කර්මාන්ත ශාලා වල දීද ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන යන්ත්‍රෝපකරණ වල මොලය විදිහට “ARDUINO” යොදාගන්නවා.

“ARDUINO” හැදුනේ කොහොමද ? කොහෙදීද?

“ARDUINO” පුවරු නිර්මාණය වුනේ ඉලෙක්ට්‍රොනික් සහ කේතකරණ (Electronics/Programming) භාෂාවන් පිළිබඳව දැණුමෙන් අඩු ශිෂ්‍යයන් ට ඔවුනගේ අධ්‍යයන වලදී පහසුවෙන් භාවිත කල හැකි ඉලෙක්ට්‍රොනික් පරිපථයක් විදිහටයි. පළමු ආකෘති “ARDUINO” පුවරුව නිර්මාණය උනේ  2005 වර්ෂයේ ඉතාලි වල  Interactive Design Institute හි පන්ති කාමරයක් තුලයි. (Interactive Design Institute in Ivrea, Italy.) එම ව්‍යාපෘතියෙහි නම වුයේ “The Revolution of Open Hardware” සහ මුලාකෘතියෙහි මුලික නිර්මාණකරු වුයේ කොලොම්බියානු ශිෂ්‍යයෙකු වූ Hernando Barragan වන අතර දැනට අප භාවිතාකරන “ARDUINO”පුවරු නිර්මාණය කලේ Massimo Banzi සහ කණ්ඩායමකි.

ඉතා කෙටි  තුල “ARDUINO”  ලොව පුරාම ජනප්‍රිය වීමට හේතුව අධ්‍යයන කටයුතු සහ නිර්මාණ කටයුතු සඳහා ඉතා පහසුවෙන්  යොදා ගතහැකි නිසාත් විශේෂයෙන්ම ඕනෑම කෙනෙකුට ඕනෑම අයුරකින් එම මුල් නිර්මාණය වෙනස් කරමින් භාවිත කිරීමට මුල් නිර්මාණකරුවන් විසින් ලබාදී ඇති අවසරය නිසාවෙනි.

මොකක්ද “ARDUINO” වල ඇති විශේෂත්වය?

*ඉහත කී අයුරින් ඕනෑම කෙනෙකුට ඕනෑම අයුරින් වෙනස් වෙනස් කරමින් භාවිතයට ගතහැකි අවසරය.

*ඉලෙක්ට්‍රොනික් සහ කේතකරණ දැණුමෙන් අඩු අයට මෙන්ම අධ්‍යයන කටයුතු වල යෙදෙන සිසුනට ඉතා විශාල පරායාසයක් තුල විවිධ අත්හදාබැලීම් සහ නව නිර්මාණ සඳහා පහසුවෙන් යොදාගත හැකි වීම.

*පරිගණක කේතකරණ භාෂා දැණුමෙන් අඩු හෝ දැණුම නොමැති අයට වුවද පහසුවෙන් භාවිත කල හැකි වීම මෙන්ම කේතකරණ භාෂා පිළිබඳවද මුලික අධ්‍යයනයට යොමු වීමට ඉවහල් වීම.

*අනෙකුත් Microcontroller පුවරු සමඟින් සැසදු කල විශාල ලෙස මිලෙන් අඩු වීම සහ භාවිතයේ පහසුව.

*”Arduino” ප්‍රෝග්‍රෑම් කිරීමට යොදාගන්න Arduino IDE (Integrated Development Environment) එක Windows, Macintosh OSX, and Linux වැනි මෙහෙයුම් පද්ධති කීපයකටම සහය දැක්වීම.සහ ආර්ධුනිකයන්ට වුවද පහසුවෙන් භාවිත කල හැකි අයුරින් පැහැදිලි සරල මෘදුකාංගයක් වීම.ප්‍රෝග්‍රෑම් කිරීම සඳහා පහසුවෙන් තේරුම් ගතහැකි C++ ක්‍රමලේඛන භාෂාව යොදාගැනීම. *අත්හදාබැලීම් සහ නිර්මාණයන් සඳහා අවශ්‍යය වන Sensors,Shields,Modules වැනි  උපාංගයන් ඉතා විශාල පරායාසයක් තුල අපගේ අවශ්‍යය තාවය අනුව ඉතා අඩු මිලට පහසුවෙන් මිල දී ගැනීමේ හැකියාව.

“ARDUINO” පුවරු නිෂ්පාදනය වන ආකාරය.

“ARDUINO” සහ සමඟාමීව යන වෙනත් මවු පුවරු.

ඉහත කී ආකාරයට  “ARDUINO” ලොව පුරා ජනප්‍රිය වීමත් සමඟින් ඕනෑම කෙනෙකුට  අවශ්‍යය ලෙස වෙනස් කල හැකි අවසරය නිසාම විවිධ ආකාරයේ නම් වලින් හැඩ වලින් විවිධ වූ පහසුකම් වලින් යුක්ත Development Boards වර්ග විශාල ප්‍රමාණයක් වෙළඳපල තුලට පැමිනුණා.ඒ තුලින් අප කරන නිර්මාණයට වඩාත්ම ගැලපෙන පහසුකම් වලින් සමන්විත Development Board එකක් තෝරා ගැනීමේ හැකියාව අපට ලැබී තිබෙනවා.

දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ලෝකයේ දශක ගණනාවක සිටම තවමත් දියුණුවෙමින් පවතින අපේ රටේ  ළමා පරපුරට මෙන්ම අධ්‍යයන  කටයුතු වල නිරතවන්නන්ට තාක්ෂණික ලෝකයට පිවිසෙන්නට නවනිර්මානකරණය සඳහා යොමුවන්නට “ARDUINO” මේ  වනවිටත් මහඟු අත්වැලක් වී තිබීම සතුටට කරුණක්.එමෙන්ම පාසල් විෂයය නිර්දේශයටද මේ වනවිට INFORMATION TECHNOLOGY/ARDUINO/PROGRAMMING වැනි විෂයයන් එක් වී තිබීම අපේ රටේ සිසුන්ටද තාක්ෂණය පිළිබඳව මනා දැනුමකින් යුතුව නිර්මාණශීලි පුද්ගලයන් ලෙසින් නව ලොවට පිවිසීමට මහඟු තෝතැන්නක් වනවා නොඅනුමානයි.

@Team Duino

Leave a Comment

Your email address will not be published. Required fields are marked *