ආයුබෝවන්!
Duino බ්ලොග් අඩවියට ඔයාව සාදරයෙන් පිලිගන්නවා.ඔන්න අදත් අපි අරන් ආවා ඔයාලට ගොඩක්ම වැදගත් විදියේ නිර්මාණයක්.පෙර ලිපි තුලින් ඉදිරිපත් කර ඇති නිර්මාණ වගේම මෙයත් ඔබට ප්‍රායෝගිකව ඔබේ එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනවත් විදිහට යොදාගන්නට පුළුවන් අඩු වියදමකින් ලොකු වැඩක් ගන්නට පුළුවන් නිර්මාණයක්.ඉතින් අද අපි කතා කරන්න යන්නේ Irrigation System එකක් Arduino යොදා ගෙන සාදා ගන්නා ආකාරය පිලිබදවයි.ඒ කියන්නේ ඔබේ මල් වගාවට නැත්නම් එළවලු වගාවට අවශ්‍යය ජල සැපයුම අවශ්‍ය පරිදි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරවීම සහ පාලනය කරවීමට සැලැස්වීමයි .පස වියලී ගිය විය ස්වයංක්‍රීයව මෝටර් ක්‍රියාත්මක වී පස අවශ්‍යය පමණට තෙත් වූ විට නැවත ක්‍රියා විරහිත වන ආකාරයට මෙය අපට සාදා ගන්න පුළුවන්. කාර්යය බහුල ජීවිතය එක්ක ඔයාගේ පුංචි ගෙවත්තට ,මල් වගාවට හෝ හරිතාගාර සදහා මෙම නිර්මාණය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා නොඅනුමානයි.මෙම නිර්මාණය සදහා ප්‍රධාන වශයෙන්ම යොදා ගෙන තිබෙන්නේ Soil moisture sensor එකයි.ඒ වගේම පසේ තෙතමන මට්ටම බලාගැනීමට LCD Display එකක්ද යොදා ගෙන තියනවා.ඒ වගේම 230v වතුර මෝටරයක් වුවද ක්‍රියාත්මක කරගැනීම සඳහා අවශ්‍ය Relay එකක්ද මේ සඳහා සම්බන්ධ කරලයි තියෙන්නේ.
Soil Moisture Sensor වර්ග කීපයක්.
අපේ නිර්මාණයට අද අපි යොදාගන්නේ මේ වගේ සෙන්සර් එකක්

අපි දැන් බලමුකෝ මේ සන්වේදකයෙන් (Sensor) මොකක්ද වෙන්නේ කියලා.
මෙහි බැලූ බැල්මට කූරු දෙකක් එක්ක පුංචි පරිපථයක් තියනවා.ඒක තමයි මේ sensor එකේ පාලන පරිපථය.මෙම සන්වේදකය ක්‍රියාත්මක කර පසේ පවතින තෙතමනය මැන ගැනීමටනම් මේ කූරු දෙක පස තුලට ඇතුළු කරන්නට ඕනි. එවිට පසේ ඇති ජල ප්‍රමාණය අනුව ඒ කියන්නේ පසේ තෙතමනය අනුව මෙම sensor එකේ අග්‍ර දෙකෙන් එකකින් අනිකට පස හරහා ගමන් කරන ධාරාව වෙනස් වෙනවා. මේ ආකාරයට ධාරාව වෙනස් වන ප්‍රමාණය අගය Arduino පුවරුවට ලබා ගැනීම තමයි අපි SOIL MISTURE SENSOR එකෙන් කරගන්නේ .ඒ වගේම මෙහි තිබෙන Preset එක මඟින් මෙයින් ලබාදෙන අගයන් වල සීමාව වෙනස් කර ගන්නත් පුළුවන්.මේ sensor එකෙන් අපිට Digital අගයක් වගේම Analog අගයකුත් ලබා ගන්න පුළුවන්.අද අපි නිර්මාණයට යොදා ගන්නේ Analog අගය විතරයි.ඔබ දන්නවා ඇති එම අගය 0 සිට 1024 දක්වා අගයකින් තමයි Arduino පුවරුවට ලැබෙන්නේ.අපි ඒ ලැබෙන අගයන් අනුව අපිට අවශ්‍යය ප්‍රමාණයට පසේ තෙතමනය අඩු වූ විට වතුර මෝටරය ක්‍රියාත්මක කර ගැනීමත් පසේ තෙතමනය ප්‍රමාණවත් වූ පසු වතුර මොටෝරය ස්වයන්ක්‍රියව ක්‍රියා විරහිත කරගැනීමත් තමා අපි මෙයින් කරන්නේ .දැන් අපි බලමුකෝ මේ නිර්මාණයට අවශ්‍ය උපාංග මොනවද කියලා.
අවශ්‍ය උපාංග
- Arduino Uno board x 1 Buy Now
- Soil moisture sensor x1 Buy Now
- LCD display x 1 Bay Now
- Relay module x 1 Bay Now
- I2C module x 1 Bay Now
- Breadboard x 1 Bay Now
- Several Jumper wires Bay Now
arduino uno soil moisture sensor 16×02 lcd display i2c module 1ch 5v relay module breadboard
අපි කලින් නිර්මාණ වලට වගේම මේ නිර්මාණයටත් I2C module මොඩියුල් එක යොදා ගන්නවා.මොකද අපිට LCD display එක වයර් 4කින් පහසුවෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වන නිසා.පළමුවෙන්ම I2C module එක LCD display එකට නිවැරදිව පාස්ස ගන්න.ඊට පස්සේ පහත පරිපථ සටහන අනුව උපාංග නිවැරදිව සම්බන්ධ කර ගන්න.
පරිපථ සටහන

Sensor Arduino board
AO A0
GND GND
VIN VCC/5v
Relay Arduino board
IN D2
GND GND
VIN VCC/5v
I2C module Arduino board
GND GND
VIN VCC/5v
SDA SDA/A4
SCL SCL/A5
මෙතන දී අපි වයර් සම්බන්ධ කරන්න Breadboard එකක් තමයි යොදා ගෙන තියෙන්නේ.නමුත් ඔයාට මේක ස්ථිර නිර්මාණයක් විදිහට කරගන්නවානම් Dot board එකකට පාස්ස ගන්න පුළුවන්.නැත්තම් ඔයාගෙම කියලා PCB එකක් Print කර ගෙන සම්බන්ධ කර ගන්න පුළුවන්.ඒ දේවල් එකින් එක කරලා නිතරම අලුත් අද්දැකීම් ලබාගන්න බලන්න. අපි මෙහි දී යොදාගන්න Relay එක මඟින් අපිට පුළුවන් AC විදුලියෙන් ක්‍රියාකරන ඕනෑම උපකරණයක් සම්බන්ධ කරගෙන පාලනය කරන්න. AC විදුලිය එක්ක වැඩකරද්දී පරෙස්සමින් වැඩ කරන්න.
හොදයි ඉහත සියල්ල සිදු කර ඉවර නම් දැන් අපිට තියෙන්නේ code එක හදා ගන්න .පහත ලින්ක් එකෙන් ඔයාට Download කර ගන්න පුළුවන් අපි මේ සඳහා නිර්මාණය කරගත් CODE එක. මෙහිදී අපි ලියාගෙන තියෙන්නේ මුලික වශයෙන් අපි ඉහත කතාකළ ක්‍රියාවලිය කරගන්න පුළුවන් විදිහේ CODE එකක්.ඔයාලට පුළුවන් මෙම නිර්මාණය සඳහා ඔයාගේ අදහස් එකතු කරගන්නා ගමන් ඒ අනුව CODE එක සකසා ගන්න.
Source code – Download
මීට කලින් නිර්මාණ වල දී වගේ අපි මෙහි දීත් I2C protocol එක LCD Display එක සම්බන්ධ කිරීම සඳහා යොදාගන්නවා,එම නිසා i2c library එක අපේ code එකට include කරගෙන තියෙනව .පහත ලින්ක් එකෙන් i2c Library එක Download කරගෙන Libraries වලට එකතුකරගන්න අමතක කරන්න එපා .,කොහොමද Library add කරන්නේ කියල අපි කලින් පාඩම් වල කතාකල තියෙන නිසා ඒ ගැන නැවත පැහැදිලි කරන්න අවශ්‍යය නැහැ කියල හිතනවා.
I2C LCD display library – Download
මේ කේතය නම් හදලා තියෙන්නේ පසේ තෙතමනය අගය 950 ක් හෝ ඊට වඩා වැඩි වූ විටRelay එක ක්‍රියාත්මක වන ආකාරයටයි.පස තෙත් විම වැඩි වන විට අගය අඩු වන අතර තෙතමනය අඩු වන විට අගය වැඩි වන බව මතක තියා ගන්න.මෙහි පසේ තෙතමන අගය HIGH,MID හා LOW ලෙස පෙන්වීමටද කේතය සකස් කරලා තියෙන්නේ.අනෙක් දේවල් කියවා තේරුම් ගැනීමට උත්සහ කරන්න. එම අගයන් ඔබට අවශ්‍යය ආකාරයට සකසා ගන්න උත්සහ වන්තයා තමයි ජය ගන්නේ.
ඔන්න දැන් programe එකත් හරි.දැන් ඉතින් Arduino board එකට Uplode කරන්න තමයි තියෙන්නේ.ආ ඊට කලින් Board එක port එක තෝරන්න.ඊට පස්සේ Uplode කරන්න.ඔන්න දැං ඔයාට නිර්මාණය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. Arduino board එකට වෙනම බලයක් දෙනවා නම් 5 සිට 12 දක්වා අතර බලයක් දීමට මතක තබා ගන්න.පහත වීඩියෝවෙන් කොහොමද මේක වැඩකරන්නේ කියල ඔයාට බලා ගන්න පුළුවන්.
හොදයි එහෙනම් හිතනවා ලිපිය පැහැදිලි ඇති කියල.මේ ලිපි වල ප්‍රතිඵලයක් තියෙන්නේ ඔයාලා දෙයක් ඉගෙන ගත්තොත් තමයි. සහ නිතරම ඔයාලගේ හැකියාවන්ඔ මේ නිර්යාමාණ වලට එකතුකරගන්ලන බලන්ගේන. අදහස් යෝජනා චෝදනා පහතින් සදහන් කරන්න අමතක කරන්න එපා.නිතරම අත්හදා බැලීම් කරන්න.අත්හදා බැලීම් වලින් තමයි පාඩම් ඉගෙන ගන්නේ.එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු.සුභ දවසක් .
