මදක් රැදෙන්න…

Arduino Automated Water Tank Monitoring System | නිවසේ ජල ටැංකිය ස්වයංක්‍රියව පාලනය කරමු.

ආයුබෝවන්!

Duino blog අඩවියට සාදරෙන් පිලිගන්නවා. අපි පසුගිය ලිපියෙන් අපේ වගාවන් වලට ස්වයංක්‍රියව ජල සම්පාදනය කරගන්න පුළුවන් Automated Irrigation system එකක් නිර්මාණය කර ගන්නා ආකාරය ගැන කතා කලා. අද ලිපියෙනුත් කතාකරන්න යන්නේ ගොඩක් දෙනෙක් කැමැත්තක් දක්වන ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් වන නිර්මාණයක් ගැන. අපි DuinoMag මගින් ඉදිරිපත් කරනු ලබන ලිපි බොහොමයක් ඉදිරිපත් කරනු ලබන්නේ එදිනෙදා ජිවිතයේ ප්‍රයෝජනවත් විදිහට යොදාගන්නට පුළුවන් නිර්මාණයන් ගැන.ඉතින් අද අපි කතා කරන්න යන්නේ අඩු වියදමකින් අර්ඩුයිනෝ එක්ක Automated Water Tank level Control system එකක් නිර්මාණය කර ගන්නා ආකාරය පිලිබදව. මේ ලිපිය කියවන ඔබටත් ගෙදර වතුර මෝටරය ක්‍රියා විරහිත කරන්න අමතක වෙලා වතුර ගොඩක් අපතේ ගිහිල්ල ඒ වගේම වතුර මොටර් එකට හානි සිදු වුනු අවස්ථා මෙන්ම අවශ්‍යම වෙලාවට වතුර නැති වුනු අවස්ථා වල අද්දැකීම් බොහොමයක් ඇති. අපේ ජලය ගබඩා කර තිබෙන ටැංකිය අවශ්‍ය ප්‍රමාණයට පිරුණු පසු ස්වයංක්‍රීයව මෝටර් එක නතර වෙනවා නම් සහ ටැංකියේ ජලය අඩු වූ විට ස්වයංක්‍රියව මෝටරය ක්‍රියාත්මක වී අවශ්‍යය අප විසින් තීරණය කරන අවශ්‍යය මට්ටමට ජලය පිරෙනවනම් ඉහත කී ප්‍රශ්නයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් නේද. ඉතින් එම ගැටළුව පහසුවෙන් අඩු වියදමෙන් විසඳාගන්න අපිටම හදාගන්න පුළුවන් පුංචි නිර්මාණයක් ගැනයි මේ ලිපිය තුල සාකච්චා වෙන්නේ. අපි බලමුකෝ මේ දේ කොහොමද හදා ගන්නේ කියලා.ඒ සදහා අපි ප්‍රධාන වශයෙන් යොදාගන්නේ Arduino එක්ක Ultrasonic sensor එකක්. මේ සඳහා HC-SR04 සාමාන්‍ය Ultrasonic Sensor එකක් යොදාගන්න පුළුවන් වුවත් එහි කල්පැවැත්ම අඩු නිසා ඔබ මෙම නිර්මාණය ස්ථිරව ඔබේ නිවසේ ජල ටැංකියට භාවිත කරන්නට සිතනවානම් අනිවාර්යෙන්ම Waterproof Ultrasonic Sensor එකක් යොදාගන්න එක තාම වඩාත්ම හොඳ.

දැනට වෙළඳපලෙහි ඇතිUltrasonic Sensors වර්ග කිහිපයක්

ඇත්තටම මොකක්ද මේ Ultrasonic sensor එකක් කියන්නේ?

සාමාන්‍ය HC-SR04 Ultrasonic Sensor එක අපිට දැක්ක ගමන්ම නම් පෙනෙන්නේ ඇස් දෙකක් වගේ. මේ Sensor එකෙන් කරන්නේ තරංගයක් නිකුත් කරලා එය ආපසු Sensor එකට ලබා ගන්නා එක තමයි.ඔයාලා හොදින් බලන්නකෝ මෙහි එක පැත්තක T  හා අනෙක් පැත්තේ R ලෙස නම් කරලා තියනවා.T ලෙස නම් කර ඇති පැත්තෙක් තමයි තරංග නිකුත් කරන්නේ.ඉන් පසු එම තරංග කුමක් හෝ බාධකයක වැදී නැවත එන තරංග ග්‍රහනය කරනු ලබන්නේ R ලෙස නම් කර ඇති පැත්තෙන් .දැන් ඔයාට තේරෙනවා ඇතිනේ මේ Sensor එකෙන් මොකක්ද වෙන්නේ කියලා.යම් තරංගයක් නිකුත් තර එය නැවත පරාවර්තනය වී ඒමට ගත වන කාලය තමයි මේ Sensor එකෙන් අපිට ලබා දෙන්නේ.අපිට ඒ විදිහට ලබාදෙන කාලය යොදා ගෙන අදාළ පෘෂ්ටයට තිබෙන දුර ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය පරිසරයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් වවුලා රාත්‍රී කාලයේ ගමන් කරන විට ඉදිරියේ ඇති බාධක මඟහැර ගනිමින් අවශ්‍ය නිවැරදි දිශාව හොයාගන්න යොදා ගන්නේ මේ ක්‍රමය තමයි. ඒ වගේම Sonar system වලටත් යොදා ගන්නේ මේ ක්‍රමය මැ තව දුරටත් වැඩිදියුණු කල ක්‍රමවේදයක්.සාමාන්‍යයෙන් භාවිත කරන Ultrasonic Sensor එකේ පින් 4ක් බලා ගන්න පුළුවන්.VCC හා GND ලෙස නම් කර ඇති පින් දෙක මෙයට බලය ලබා දෙන්න භාවිතා කරනවා.ඒ වගේම Trig පින් එක තරංගයක් යැවීමටත් Echo පින් එක Input එක ලබා ගැනීමට භාවිතා කරනවා.

ඉහත කී විදිහට Arduino Board එක සහ Ultrasonic Sensor එකට අමතරව මෙම නිර්මාණය සඳහා අපි LCD display එකක් LED bulb කීපයක් හා Relay Module එකක් භාවිතා කරලා තියනවා. LCD display එක මඟින් ටැංකියේ ජල මට්ටම අගයක් විදිහට හෝ ප්‍රමාණයක් විදිහට බලාගන්නට හදාගන්නට පුළුවන්. වගේම LED මඟිනුත් මගින් පවතින ජලය මට්ටම බලා ගන්න පුළුවන්.ඒ වගේම වතුර මෝටරය සඳහා 230vac ධාරාවක් අවශ්‍ය නිසා 230v ධාරාව ස්විච කිරීම සඳහා 1ch 5v Relay Module එකක් යොදාගන්නවා.

මේ නිර්මාණය සඳහා අප යොදාගන්න Ultrasonic Sensor එක HC-SR04

HC-SR04 Ultrasonic Sensor Specifications

 1.Working Voltage : 5V(DC)
2.Static current: Less than 2mA.
3.Output signal: Electric frequency signal, high level 5V, low level 0V.
4.Sensor angle: Not more than 15 degrees.
5.Detection distance: 2cm-450cm
6.High precision: Up to 0.3cm
7.Input trigger signal: 10us TTL impulse
8.Echo signal : output TTL PWL signal

  Mode of connection:
1.VCC
2.trig(T)
3.echo(R)
  4.GND

අවශ්‍ය උපාංග

පහත සටහනට අනුව නිවැරදිව උපාංග අමුනාගන්න.මතක ඇතුව I2C module එක LCD display එකට නිවැරදිව පාස්ස ගන්න.මේ නිර්මාණය Breadboard එක යොදාගෙන සකස් කරගෙන ක්‍රියාකරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගන්න . ඉන්පසුව ස්ථිරවම සවි කරනවා නම් Breadboard එක වෙනුවට Dot board එකක් යොදාගෙන උපාංග නිවැරදිව පාසගන්නට පුළුවන් හෝ PCB එකක් සාදා ගන්න වුවත් පුළුවන් .ඒ වගේම දිගු කාලයක් දෝෂ රහිතව වැඩ කරන්නනම් AJ-SR04T Waterproof Ultrasonic sensor වගේ Waterproof වර්ගයේ Sensor එකක් යොදා ගන්න.

පරිපථ ඇමුණුම් සටහන

කෝඩ් එකට ඇතුලත් වන I2C display Library එක පහලින් Download කරගෙන ඔයාගේ Arduino IDE එකේ Library වලට එකතුකරගන්න.

I2C display control library – Download

මෙම නිර්මාණය සඳහා අදාළ කෝඩ් එක පහල ලින්ක් එකෙන් Download කර ගන්න.

Source code – Download

මෙම නිර්ඔමාණය ඔබේ නිවසේ ජාල ටැංකියට භාවිත කරනවානම් ජල ටැංකියේ උපරිම ජල මට්ටම හා අවම ජල මට්ටම පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ අනුව කෝඩ් එක සකසාගන්න.පහත වීඩියෝව මඟින් මෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සරල අවබෝධයක් ලබාගන්නට පුළුවන්.

එහෙනම් මේ නිර්මාණය ගැනත් ඔයාගේ අදහස පහතින් සදහන් කරන්න. නිතරම මතක් කරනවා වගේ මේ නිර්මාණ සදහා ඔබේ හැකියාවන් , අදහස් එකතු කරගනිමින් අත්හදා බැලීම් කරන්න අමතක කරන්න එපා. ඒ විදිහට ඔයාගෙම නිර්මාණයක් කරන්න නිතරම උත්සහ කරන්න.එහෙනම්අ පි තවත් ලිපියකින් ඉක්මනින්ම හමු වෙමු.සුභ දවසක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *