මදක් රැදෙන්න…

Wi-Fi Over Security Alert System With NodeMCU | නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ ආරක්ෂාවට Nodemcu Wi-Fi එක්ක සිකියුරිටි ඇලර්ට් සිස්ටම් එකක්.

ආයුබෝවන්!

DuinoMag බොලොග් අඩවියෙන් ලියැවෙන තවත් වටිනා ලිපියකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.අද ලිපියත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වන විදියේ අඩුවියදමින් කරගන්න පුළුවන් නිර්මාණයක් ගැන.ඉතින්  ඔයා අපේ බ්ලොග් එක්ක දිගටම රුදිලා ඉන්න කෙනෙක් නම් දන්නවා ඇති ගොඩක්ම ප්‍රයෝජනවත් වන විදියේ නිර්මාණයන් අඩු වියදමෙන් නිර්මාණය කරගන්න විදිහ ගැන ඉතාම සරල ලෙස අපි කතා කරනවා කියලා.ඉතින් අද අපි හදන්න යන්නේ  Security Alert System එකක්. මේකේ වැදගත්ම දේනම් ඕනෑම තැනක සිට අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන ඕනෑම දුරකතනයකට ඔබේ නිවසේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ අනවශ්‍ය වේලාවන් වල එහෙම නැත්නම් රාත්‍රියේ කවුරු හරි කෙනෙක් සැරි සරන්වනම් ඉක්මනින්ම Notification එකක් ගෙන්වාගන්නට පුළුවන්.මේ සඳහා අපි ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ NodeMCU ESP8266 කියන බෝර්ඩ් එක.ආරක්ෂාව කියන්නේ ඉතින් අපි හැමෝටම වටින දෙයක්නේ.අපි කවුරුත් කැමති කාගෙන්වත් කරදයක් නොවී සතුටින් ඉන්න වගේම අපේ දේවල් තවත් අයගෙන් හානියක් නොවී රැකගන්නනේ.මෙන්න මේ නිසා අපිට වර්තමානයේ Security Alert System එකක් තිබීම ඉතා වැදගත් දෙයක්. ඉතින් ඉහත සඳහන් කල ආකාරයට ඔබේ නිවසේ ,ව්‍යාපාරයේ හෝ කාර්යාලයේ ආරක්ෂාවට යොදාගන්නට හැකි විදිහේ Security Alert System එකක් හදාගන්න විදිහ ගැන තමයි මෙම ලිපියෙන් කතාකරන්නේ.

                       මුලින් කීව වගේම මේ මඟින් අපිට ඕනෑම තැනක සිටින අපේ ස්මාර්ට් දුරකතනයට notification එකක් ගෙන්නා ගන්නට පුළුවන් වගේම ඕනෑම තැනක සිට අපිට අවශ්‍යනම් මෙම සම්පුර්ණ පද්ධතියම ක්‍රියාත්මක කරවීම හෝ ක්‍රියාවිරහිත කිරීමටත් හැකියාව තියෙනවා.

මොකක්ද මේ NodeMcu කියන්නේ?

මෙහි දී අපි ප්‍රධාන වශයෙන් යොදාගන්නා  NodeMcu Board එක ගැනනම් මෙම ලිපියෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මීට කලින් පළවූ ලිපියක දී අපි NodeMCU Board එක ගොඩක් දේවල් කතා කලා.  ඒ ලිපි කියවලා නැත්තම් පහත link එකෙන් ගිහින් එම ලිපි කියවන්න.

Controll Relay With Wi-Fi Nodemcu 8266 Board

ඉහත ලිපියෙන් NodeMCU ESP8266 Board එක ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරලා තියනවා.ඉතින් මොකද ඔයා NodeMcu වලට අළුත් කෙනෙක් නම් සහ එම කරුණු ගැන සරල අවබෝධයක්  නැත්තම් මේ නිර්මාණය එක්ක දිගටම යන්න අපහසු වෙයි. මේ සමග වැඩ කිරීමට Arduino IDE එකේ පොඩි වෙනස්කම් කීපයක් කරන්න වෙනවා.ඒ නිසා මූලික දේවල් ටික හදාගෙන මේ ලිපියට එන්න. තව දෙයක් ඔයාලා NodeMcu එක්ක වැඩ කරනකොට I/O Pins ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ගොඩ දෙනෙක් මේ I/O Pins භාවිත කරද්දී වරද්ද ගන්නවා.මොකද මෙහි INPUT හා OUTPUT පින් D0,D1,D2 ආදී වශයෙන් තමයි තියෙන්නේ.උදාරණයක් ලෙස මෙහෙම හිතන්නකෝ ඔයාලා LED bulb එකක් D1 පින් එකට සම්බන්ද කරනවා කියලා.කෝඩ් එකේදී pinMode(1,OUTPUT); මෙහෙම දැම්මොත් සම්පූර්ණ වැරදියි.ඔයාලා 1 ලියන්න ඕනි D අකුරත් එක්කමයි. ඒ කියන්මේනේ මේ විදියට – pinMode(D1,OUTPUT);   .  NodeMcu පින් සටහන පහත දාලා තියනවා බලන්නකෝ.

PIR motion sensor

මෙම නිර්මාණයේ දී යොදාගන්නා උපාංග අතුරින් දෙවනියට ප්‍රධාන වන්නේ PIR Motion Detection Sensor එක. PIR කියන්නේ passive infrared sensor කියන එක.මෙම Sensor එකෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ චලන හදුනාගන්න එක.මෙහි පිටතින් තිබෙන අර්ධ ගෝලාකාර කොටස ඉවත් කර පසු අපිට Sensor එක බලාගන්න පුළුවන්.එම plastic කොටස නිසා තමයි ලොකු පරාසයක් තුල ඇති වන චලන හදුනා ගත හැකි වන්නේ.අද අපි යොදාගන්නා PIR Sensor එකට අංශක 160 හා දුර මීටර් 7 ක අතර වගේ චලන හදුනාගන්න හැකියාව තිබෙනවා.ඒ වගේම මෙහි පිටුපස දක්නට ඇති  preset දෙක මඟින් මෙහි සංවේදී තාවය සහ Motion එකක් හඳුනාගත් පසු output එක ක්‍රියාත්මක වන කාලය අපිට වෙනස් කර ගන්න පුළුවන්.එම preset එහෙම මෙහෙ කරලා බලන්න කොහොමද වැඩ කරන්නේ කියල අදහසක් ගන්න.මෙම PIR Motion Sensor එකහි GND හා VCC පින් දෙක බලය ලබා දීමටද OUT පින් එකෙන් අපිට 0 හෝ 1 යන අගයන් ලබා ගන්නට පුළුවන්.යම් චලනයක් වූ විට 1ද සාමාන්‍ය අවස්ථාවල 0 ද ලැබෙනවා.

අපේ නිර්මාණයට අද යොදාගන්නා PIR Motion Sensor එක HC-SR501

මෙම නිර්මාණයට LED බල්බ දෙකක් හා Buzzer එකක් ද යොදා ගෙන තියනවා.සන්වේදකය සාමාන්‍ය අවස්ථාවන් වල තිබෙන විට කොල බල්බය දැල්වෙන අතර යම් චලනයක් ඇති වූ විට රතු බල්බය හා බසරය නාද වන ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ සහ ඒ අවස්ථාවේදීම ඔයාගේ දුරකථනයට Notification එකකුත් එනවා. ඉන්පසු නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා. කලින්මේ කීව විදිහට Buzzer එක සහ LED එක ON වී තිබෙන කාලය අපිට සන්වේදකයේ ඇති preset එක මගින් අඩු වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම මුලින් කතාකළ විදිහට අපිට අවශ්‍ය වේලාවට මෙම පද්ධතිය ON හෝ OFF කරන්නත් දුරකතකය හරහා හැකි වන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මතක තියා ගන්න මේ ආකාරට ක්‍රියාත්මක වෙන්න නම් NodeMcu බෝඩ් එක වගේම ඔයාගේ දුරකතනයත් අන්තර්ජාලය හරහා සම්බන්ධ වී තිබිය යුතු වෙනවා. ඒ වගේම මෙහි Buzzer එක සම්බන්ධ කර ඇති තැනට Relay එකක් යොදාගෙන ඒ මඟින් 230VAC විදුලි පහන් හෝ Siren Horn එකක් අවශ්‍යනම් ක්‍රියාත්මක කරවන්නටත් පුළුවන්.

මෙම නිර්මාණය සදහා අවශ්‍ය උපාංග

පරිපථ ඇමුණුම් සටහන

උපාංග ටික නිවැරදිව සම්බන්ධ කලා නම් දැන් අපිට තියෙන්නනේ Program කොටස. මෙම නිර්මාණය තුලත් අපි notification ගෙන්වාගන්නට Blynk App එක තමයි යොදාගන්නේ.ඇත්තටම මෙයාලගේ සර්විස් එක දැන් ගොඩක් හොඳයි ගොඩක් දේවල් අලුත් වෙලා තියෙනව. ඉතින් Blynk App එක එක්ක වැඩ කරන විදිහ ගැනත් අපි කලින් සඳහන් කල ලිපියේ දීම කතාකලා. Blynk App එක එක්ක වැඩකරන විදිහ ගැන දන්නේ නැතිනම් ඒ ලිපිය කියවන්න. මොකද ඒ ගැන සම්පුර්ණ පැහැදිලි කිරීමක් මෙම ලිපිය තුල දී කරන්නේ නැති නිසා.

01.Download Blynk App – https://play.google.com/store/apps/details?id=cc.blynk&hl=en 

Blynk App එක Download කරගෙන පහත පියවර ටික අනුව අපේ Project එකට ගැලපෙන විදිහට Interface එක හදාගන්න.
අපිට මේ නිර්මාණය සදහා අවශ්‍ය වෙන්නේ Button එකකුයි Notification එකකුයි .පහත ආකාරයට මේ දෙක දාගෙන App එකේ Interface එක හදා ගන්න.මතක තියා ගන්න මං දාලා තියෙන්නේ  virtual button එකක් Vo තමයි pin එක.

දැං අපිට තියෙන්නේ Code එක හදා ගන්න.මං හිතනවා ඔයාලා Arduino IDE එක Nodemcu එක්ක වැඩ කරන ආකාරයට සකස් කරගෙන ඇති කියලා.මං කලින්ම ඔයාලට ඒ ගැන මතත් කල විදිහට කලින් පොස්ට් එක හොදින් බලන්න.අපිට ඊලගටNodeMCU Board එක එක්ක Blynk app එක යොදාගෙන වැඩේ කරගන්නනම් Library එකක් අවශ්‍ය වෙනවා. ESP8266wifi-master Library එක පහත link එකෙක් Download කරගෙන ඔයාගේ Arduino IDE එකට දා ගන්න.

Download Library –
01. blynk-library-master
02. ESP8266wifi-master

Download Project Code –
Nodemcu_wifi_over_security_alert

Code එකේ ප්‍රධාන වශයෙන්ම ඔයාට හදා ගන්න තියෙන්නේ ඔයාගේ Internet connection එකේ විස්තර (SSID ,PASSWORD) සහ Blynk Account එකේ Auth Token එක අදාළ ස්තථාන වලට ලබා දෙන එක.

char auth[] = “Mtv550c5KBhXp1Samfgdfgdfyjg2JEuh”; මෙන්න මේ array එක ඇතුලට ඔයා Blynk app එකේ Account එකක් හදාගෙන register  වෙනකොට email එක මඟින් ලැබුණු Auth Token කියලා තියෙන එක ලබාදෙන්න.


ඊලගට අපේ Wi-Fi Connection එකේ විස්තර තමයි ඇතුල් කරන්න තියෙන්නේ.

char ssid[] = “4G 025”; මෙතන 4G 025 වෙනුවට ඔයාලගේ Wi-Fi Network එකේ SSID එක ලබා දෙන්න.
char pass[] = “b2016ee3”; මෙතන b2016ee3 වෙනුවට ඔයාගේ Wi-Fi Network එකේ Password එක ලබාදෙන්න.

ඉහත පියවර ටික හරියට කලානම් දැන් පුළුවන් අපිට කෝඩ් එක NodeMCU Board එකට Upload කරන්න.ඊට පස්සේ ඔයාගේ Phone එකේ Blynk app එක Open කරලා අපි දා ගත්ත Button එකෙන් අපෙ Security system එක ON කරන්න .දැන් ඔයාට බලා ගන්න පුළුවන් මොකක් හෝ චලනයක් ඇති වූ විට රතු බල්බය හා බසරය ක්‍රියාත්මක වී අපේ Phone එකට Notification එකකුත් එනවා. ඒ වගේම සාමාන්‍ය අවස්ථාවන් වලදී කොල බල්බය දැල්වී තියනවාත් ඔයාට බලා  ගන්න පුළුවන්.ලිපියේ මුලින් සඳහන් කළා වගේම මේ Security system එක අවශ්‍ය වේලාවට ON/OFF කරගන්නත් ඔයාගේ Phone එකෙන්ම පුළුවන්.ඔයාලට මේ නිර්මාණය ක්‍රියාත්මක වන ආකාරය ගැන අදහසක් ගන්න පහත වීඩියෝ එක බලන්න.

එහෙනම් අදත් අපි ප්‍රයෝජනවත් නිර්මාණයක් ගැන කතා කලා. ඔයාලා මේ නිර්මාණය කරගෙන යනකොට ගැටළු ඇති උනොත් පහතින් සදහන් කරන්න.මං හිතන්නේ මේ ලිපිය ටිකක් දිග වැඩි උනා වගේ.ඒත් ඕනිම දේවල් අනිවාර්යයෙන්මැ පැහැදිලි කරන්නට වෙන්ව.මේ ගැන ඔයාලගේ අදහස් පහතින් සදහන් කරන්න අමතක කරන්න එපා . සහ ඔයාගේ අදහස් හැකියාව යොදාගෙන හොද නිර්මාණයක් කරන්න නිතරම උත්සහ කරන්න. එහෙනම් මේ වගේ තවත් නිර්මාණයකින් නැවත හමු වෙනකම් ගිහින් එන්නම්.සුභ දවසක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *