Controll Relay With Nodemcu 8266 Board/Nodemcu ESP8266 මඟින් Wi-Fi හරහා නිවසේ විදුලි උපාංග පාලනය කරමු.

අද ලිපියෙන් අපි කතාකරන්නේ Nodemcu ESP8266 Wi-Fi Embedded Board එක යොදාගනිමින් කොහොමද ඕනෑම තැනක සිට ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ඇති විදුලි උපාර්ණ හෝ බල්බ වැනි දෙයක් පාලනය කරන්නේ කියන එක ගැන. ඇත්තටම මොකක්ද මේ NodeMCU ES8266 කියන්නේ ? ඇත්තටම Nodemcu  පුවරුවත් Arduino වගේම ඉතා පහසුවෙන් අපගේ නිර්මාණ වලට  භාවිතාකරන්න පුළුවන් Flash Memory සමඟින් සහ විශේෂයෙන්ම esp8266 චිප් එක සමඟින් Wi-Fi ජාලයකට සම්බන්ධ කිරීමේ හැකියාව (wifi capability) සමඟින් එන IOT  (Internet Of Things) අධ්‍යයනයට මුලපිරීමට වඩාත් සුදුසු රු.800 කට වඩා අඩු මුදලකට ලංකාවේ මිලදීගන්න පුළුවන් වැඩක් ගන්න පුළුවන් බෝර්ඩ් එකක්.                     ESP-12E…

Read More

Arduino Automated Water Tank System

ඔබගේ නිවසේ ජාල ටැංකිය කෙතරම් වාර ගණනක් එය පිටාරගලා තිබෙනවද ? ඒ වගේම කෙතරම් වාර ගණනක් ඔබට ටැංකිය පිරවීමට අමතක වීම තුලින් ඔබගේ එදිනෙදා වැඩ කටයුතු ප්‍රමාද වන්නට ඇත්ද? අඩුම වශයෙන් එකම අවස්තාවක හෝ අද්දැකීම මෙය කියවන ඔබටත් ඇති.ඉතින් මෙම නිර්මාණය අපගේ නිවසේ ජල සැපයුම් පද්ධතිය නිසියාකාරව පවත්වාගෙන යාමට සාර්ථක පිළිතුරක් සපයනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම නිර්මාණය සඳහා අපට දැරියයුතුවන්නේ ඉතා කුඩා මුදලක් එත් ගොඩක් ප්‍රයෝජනවත්  නිර්මාණයක්. ඉතින් අපි දැන් බලමු  මේ automatic water Tank level controller  එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මෙහි ඇතුලත් වන ප්‍රධාන උපාංග සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව…

Read More

01.Smart Door Lock With Fingerprint Scanner යතුර වෙනුවට ඇඟිල්ල

ආයුබෝවන්! අපේ එදිනෙදා ජීවිතයේ දී ආරක්ෂාවට වගේම  පහසුවටත් යොදාගන්න පුළුවන් Arduino +Fingerprint Scanner එක යොදාගෙන නිර්මාණය කරගත හැකි Smart Door Lock එකක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරයයි මෙම ලිපියෙන් කියා දෙන්න යන්නේ.ඇත්තටම මේ ලිපිය ගොඩක් අයට උපකාරී වේවි කියල හිතනවා.  duino බ්ලොග්  අඩවිය තුල  ගොඩක්ම ලියවේවි  ප්‍රයෝජනවත් විදිහට අපිට යොදාගන්න පුළුවන් වන නිර්මාණයන් ගැන.ඉතින් Fingerprint Door Lock එකක් කියන්නේ දැනට තියෙන විශ්වාසනියම සහ ආරක්ෂිතම  Locking System එකක් කියල කියන්න පුළුවන්. හේතුව (personal identification) පුද්ගලයෙක්ව  නිවැරදිව කවුද කියල හඳුනා ගැනීමේ හැකියාව Fingerprint Scanner එකකට තියෙන නිසා. ඉතින් ඔයාල දැකල ඇති  බොහෝ ආයතන…

Read More

Raspberry pi කියන්නේ මොකක්ද?මොනවද මේකෙන් කරන්න පුළුවන්? හැඳින්වීම ( i )

Raspberry pi ? ස්වයං අධ්‍යයනයෙන් ඉගනගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Arduino,Robotics, ගැන සිංහල ලිපි , වීඩියෝ  පාඩම් බොහොමයක් අන්තර්ජාලය තුල තිබුනත් Ruspberry pi , Orange pi,Banana pi,Asus Tinker Board වැනි developments Boards ගැන සිංහලෙන් පලවන ලිපි සහ පාඩම් තවමත් අන්තර්ජාලය තුල තවමත් පලනවා අඩුකම. ඉතින් කීප දෙනෙක්ගේම ඉල්ලීම නිසාම හිතුව ඉහත කී developments Boards සමඟින් වැඩ පටන්ගන්න විදිහ, වැඩකරන විදිහ සහ නිර්මාණයන් කරන විදිහ ගැන ලැබෙන වෙලාව අනුව ලිපි පෙළක් ලියන්නට.ඉතින් මෙම ලිපියෙන් අපි කතාකරන්නට යන්නේ Raspberry pi  කියන පුංචි පරිඝනක පුවරු ගැනයි. ඇත්තටම මොකක්ද මේ Raspberry pi කියන්නේ? ඇත්තෙන්ම…

Read More

04.Arduino+IR Remote controlled Home Appliance,ඕනෑම දුරස්ථපාලකයක් මඟින් නිවසේ විදුලි උපකරණ පාලනය කරන්නේ මෙහෙමයි..

ආයුබෝවන්!අපි හැමෝම දවසෙන් දවස නව තාක්ෂණයත් එක්ක අත්වැල් බැඳගනිමින් ඉදිරියට යනවා. “Smart Home Automation” කියන විෂයය දැන් ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය වේගෙන යන එකක්.හැමෝම කැමති තමන් විසින් කලයුතු දෙයක් කාලය වැය නොකර මහන්සි නොවී බොහොම ලේසියෙන් බොත්තමක් ඔබල කරගන්න.මාත් එහෙමයි :pඉතින් ස්මාර්ට් හෝම් ඔටෝමේෂන් වල බොහොම සරලම ක්‍රමවේදයක් වන IR Remote එකක් එහෙමත් නැත්නම් දුරස්ථපාලකයක් මඟින් අපේ අපේ ගෙදර තියෙන විදුලි පහන්,විදුලි පෙණු,වතුර මොටෝර්,විදුලි ගේට්ටු වගේ විදුලි උපකරණ පාලනය කල හැකි අපේම ආකාරයේ නිර්මාණයක්  කරගන්නා ආකාරය ගැනයි ඔන්න අද ලියන්න යන්නේ. මේකට ලොකු මුදලක්මේ වයවෙන්නෙත් නැහැ .අනිත් එක අපිම හදපු උපකරණයක්…

Read More

05.Arduino Clock Arduino+DS3231 RTC Module+I2C 16X02 LCD වේලාවට වැඩ කරන්න අපිම හදාගමු අපේ ඔරලෝසුව.

ආයුබෝවන් ! ඔන්න එහෙනම් අදත් පුංචි ක්‍රියාකාරකමක් අරගෙන ආවා . Arduino Based Digital Clock එකක්. මේක ඇත්තටම Digital Clock එකක් විතරක් වගේ පෙනුනට Arduino Based ප්‍රයෝජනවත් නිර්මාණයන් කරද්දී මේ RTC Module (Real time Clock) එක ගොඩක්ම වැදගත් වෙන මොඩියුල් එකක්.ඒ කියන්නේ අපිට අවශ්‍යය Input/Output අවශ්‍යය නියමිත වේලාවන් වලදී ක්‍රියාත්මක කරවාගැනීමට මේ මොඩියුල් එක ගොඩක් උපකාරී වෙන්වා.ඉතින් ඒ වගේ සංකීරණ නිර්මාණයන් කරන්නට මේ ක්‍රියාකාරකම ඔයාලට ගොඩක් වැදගත් අද්දැකීමක් වෙයි කියල හිතනවා. මෙහිදී වෙන්නේ  ARDUINO Uno එක සමඟින් RTC Module එක යොදාගෙන වෙලාව Liquid Crystal Display එක මත දර්ශනය කරවීමයි. විශේෂයක් තියෙනව…

Read More

03.Arduino Sound Activated Switch ගෙදර විදුලි උපකර්ණ අත්පුඩි හඬින් පාලනය කරන්නෙ මෙහෙමයි.

ආයුබෝවේවා! එහෙනම්  ඔන්න තවත් එකක්.   මේක ටිකක් ආසාවෙන් කරන්න පුළුවන් වැඩක්.වගේම එදිනෙදා කටයුතු වල දී වෙලාව ඉතිරිකරගන්න වගේම පහසුවට යොදාගන්නත් පුළුවන්.ඔයාගේ කාමරයේ ලයිට් එක අත්පුඩි හඬකින් ඔන් කරගන්න ඔෆ් කරගන්න පුලුවන්නම්,කාමරයේ දොර අත්පුඩි හඬින් ලෝක් කරන්න අන්ලොක් කරන්න පුලුවන්නම් ඒ කොහොමද ඒක මාරු නෙහ්. ඉතින් මේ ක්‍රියාකාරකමේ දී අපි කරන්න යන්නේ අත්පුඩි හඬින් ලයිට් එකක් ඕන ඔෆ් කරන්න,මොටෝර් එකක් ඕන ඔෆ් කරන්න විදුලි ගේට්ටුවක් අරින්න වහන්න වගේ ඕනෑම දෙයක් කරගන්න පුළුවන් විදිහට Relay එකක් පාලනය කරන්න.මේක අත්පුඩි හඬින් විතරක් නෙවෙයි වචන භාවිතයෙන් ඒ කියන්නේ අපිට කටහඬින් පාලනය කරන්නත් පුළුවන්.ඒ ගැන…

Read More

06.Arduino Audio Player ආර්ඩුයිනෝ වලින් සින්දු අහන්නේ මෙහෙමයි.

ආයුබෝවන්! ඔන්න මෙම ලිපියෙන් කතාකරන්නට යන්නේ Arduino සමඟින් SD Card Module එක භාවිත කරලා කොහොමද Audio / Wave ක්ලිප් එකක්,සිංදුවක් ප්ලේ කරන්නේ කියල. අපේ හැකියාව අනුව Arduino මුලික කරගෙන කරන නිර්මාණයන් වලදී Audio Clips ප්ලේ කරගෙන අපේ නිර්මාණය තවත් ලස්සන කරගන්න වගේම ගුණාත්මක භාවය වැඩි කරගන්න පුළුවන්.                                ඒ කියන්නේ අපි I/O Pins යොදාගෙන යම් උපකරණයක් On/Off කරීමේ දී අපි දෙන විධානය ක්‍රියාත්ම කළා කියල අපි නිර්මාණය කරන Device එකට අපිට වාචිකව කියන්න පුලුවන්නම්?  අපි Read…

Read More

02.Arduino+PIR Sensor+Keypad Security Alarm System(i) නිවසට,ව්‍යාපාරයට විශ්වාසනීය ආරක්ෂකයෙක්.

ආයුබෝවන්! ඔන්න එහෙනම් මේ කාලෙට ගැලපෙන ප්‍රයෝජනවත් නිර්මාණයක් අරගෙන ආයෙත් ආව ඔයාලව බලන්න.”හොරු ” මේ කලේ  වැහි වැහලනේ 🙂 හැබැයි මේ අපි ඉගනගන්න දේනම් කාටවත්ම හොරෙන් ගන්න බැහැ .හොරකම් කරන්න බැරි එකම දේ දැණුම කියනවනේ. ඉතින් කියල දෙන්න යන්නේ හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න Arduino Based Security System එකක් හදාගන්න විදිහ ගැන. මුලින්ම මේක ක්‍රියාකරන විදිහ ගැන කියනවනම් අපි මේක සවිකරන ස්ථානයේ යම් කෙනෙක් එහෙ මෙහෙ ගියොත් මෙහි ඇති PIR Sensor (Passive Infrared Sensor) එක මඟින් හඳුනාගෙන මෙහි ඇති Alarm එක ක්‍රියාත්මක කරවනවා .ඒ සමඟින්ම මෙහි ඇති LED බල්බ 3 හි එකක් ON…

Read More

07.Arduino Security Alarm System (ii) අපේ ගෙදර,කාමරයේ,සේප්පුවේ ආරක්ෂාවට ආරක්ෂණ පද්ධතියක් අපිම හදාගමු.

 ආයුබෝවන්! මේ ලිපියේ දීත් අපි  ප්‍රයෝජනවත් විදිහට එදිනෙදා ජීවිතයේ  යොදාගත හැකි Arduino Based අඩු වියදම්  ආරක්ෂණ පද්දතියක් නිර්මාණය කරගන්නා ආකාරය ගැන තමා කතාකරන්න යන්නේ. මේහි විශේෂත්වය වන්නේ ම පද්දතිය සක්‍රිය කරවීමට විශේෂ මුර පදය Keypad මඟින් ඇතුළු කල යුතු වන අතර සක්‍රිය අවස්ථාවේ යම් කෙනෙකු අදාළ  සීමාව තුලට  පැමිණියහොත් පද්දතියෙහි සයිරන් නලාව *Alarm නාද වීම ආරම්භ වෙනව.එසේම සයිරන් නලාව නැවත අක්‍රිය කරවීමටද අනිවාර්යයෙන් මුර පදය ඇතුලත් කල යුතු වෙන්ව.ඉතින් අපිට මෙය අපේ කාමරයේ,ගෙදර  එහෙමත් නැතිනම් ව්‍යාපාරයේ ආරක්ෂක සහකරුවෙකු ලෙස යොදාගන්නට පුළුවන්.ඒ වගේම මෙහි output එක ඒ කියන්නේ Alarm එක වෙනුවට…

Read More